හෙට මධ්‍යම රාත්‍රී සිට බස් ගාස්තු ඉහළ දැමීමට ජාතික ගමනා ගමන කොමිෂන් සභාව තීරණය කර තිබේ. ප්‍රවාහන අමාත්‍යවරයා, අමාත්‍යාංශ ලේකම් හා බස් සංගම් නියෝජිතයන් අතර පැවැති සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන තිබේ.
බස් ගාස්තු වැඩිකිරීම හෙට පැවැත්වීමට නියමිත කැබිනට් මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කළ අනුමත කර ගැනීමට නියමිතය.
අවම බස් ගාස්තුව රුපියල් 17 සිට රුපියල් 19ක් හෝ රැපියල් 20ක් දක්වා වැඩි වීමට නියමිතය. අනෙකුත් ගාස්තු වැඩි කිරීමේ ප්‍රතිශතය කැබිනට් මණ්ඩල රැස්වීමේදී තීරණය කෙරෙනු ඇත.