ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්රමුඛ ආණ්ඩුව පලවා හැරීමට හෙට (9දා) පැවැත්වෙන සාමකාමී අරගලයට සමගි ජන බලවේගය පූර්ණ සහයෝගය පළ කරන බව එහි මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා පැවසීය.
කොළඹ මාක්ස් ප්‍රනාන්දු මාවතේ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවේදී මහලේකම්වරයා මේ බව සඳහන් කළේය.
සාමකාමී අරගලකරුවන් ඇතුළු ප්රජාතන්ත්රවාදය අගය කරන සියලු පාර්ශවකරුවන් එක්ව මෙම සටන ජයග්‍රහණය කිරීමට කටයුතු කරන බවත් සමගි ජන බලවේගය සියලුම දේශපාලන පක්ෂ වෘත්තිය සමිති බහුජන සංවිධාන මෙම සටනට සහයෝගය ලබාදෙන බවත් මහලේකම්වරයා පැවසීය.