


වී අලෙවි මණ්ඩලයට අයත් මොනරාගල නගරයේ හුලංදාව හංදියේ පිහිටි වී ගබඩාවට මේ වන විට වී කිලෝ එක් ලක්ෂ තිස්දහසක් පමණ ලැබී ඇත.
ගොවීන් විසින් යල කන්නයේ වී අස්වනු මෙලෙස ලබාදී ඇති අතර ඉදිරියේදී තව තවත් ලැබෙන බවට වී අලෙවි මණ්ඩලය විශ්වාස කරයි.
මොනරාගල ප්රාදේශීය සභාවේ සභාපති ජනක කුරුප්පු මහතා ගබඩාවට ගොස් වී මිලදී ගැනීමේ කටයුතු අධීක්ෂණය කළ අතර ගොවීන් රස්තියාදු නොකර වී මිලදී ගන්නා ලෙසත් ප්රමාදයකින් තොරව වී සඳහා මුදල් ගෙවීම සිදු කරන ලෙසත් නිලධාරීන්ට උපදෙස් දුන් අතර නිලධාරීන්ගේ සේවයද අගය කළේය.
මොනරාගල සුමනසිරි ගුණතිලක