හුදකලා කළ මන්නාරමේ ගම්මානවල සිසු දරුවන්ට උසස් පෙළ ලිවීමට පහසුකම්
කොරෝනා වයිරස් අවධානම හේතුවෙන් වසාදැමුනු මන්නාරමේ පට්ටිතොට්ටම් හා පෙරියකඩෙයි ගම්මානයන්හි වෙසෙන උසස්පෙළ විභාගය සඳහා පෙනී සිටින සිසු දරුවන් වෙනුවෙන් අද (12) දිනයේදී විභාගයට පෙනී සිටීමට අවස්ථාව සලසා ඇති බවට ආරක්ෂක අංශ පවසා සිටියි.
මේ අනුව අදාල ගම්මානයන්හි වෙසෙන සිසුදරුවන් වෙනුවෙන් ප්‍රවාහන පහසුකම් ආදියද සැපයීමට මන්නාරම දිස්ත්‍රීක් ලේකම් කාර්යාලය හරහා පොලීසිය හා යුදහමුදාව මගින් සිදු කිරීමට පියවර ගෙන ඇත.
ඊට අමතරව උසස්පෙළ විභාගයට පෙනී සිටින දරුවන් වෙනුවෙන් පූර්ණ සෞඛ්‍ය ආරක්ෂිත පියවර අනුගමනය කරමින් විභාගයට පෙනී සිටිය යුතු ආකාරය පිළිබඳවද උපදෙස් හා අධීක්ෂණය කිරීමට මන්නාරම සෞඛ්‍ය නිලධාරීන් විසින් පියවර ගෙන ඇත.
මන්නාරමේදී වාර්තා වූ කොරෝනා ආසාදිතයින් පට්ටිතෝට්ටම් හා පෙරියකඩෙයි ගම්මානයන්හි සැරිසරා ඇති බවට අනාවරනය වීමෙන් පසුව එම ගම්මානයන් දෙක අගුලු දැමීමට ආරක්ෂක අංශ විසින් ඊයේ (11) දින පියවර ගනු ලැබීය.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

