කොටවෙහෙර ප්රදේශයේ හිමි නමකට පහර දුන් බවට සැකකාරියන් පස් දෙනෙකු නිකවැරටිය අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ එක් සැකකාරිියක් මැයි 05 දක්වා රිමාන්ඩ් කරණ ලෙසත්,සෙසු සැකකාරියන් රුපියල්.ලක්ෂය බැගින් වූ ශරීර ඇප හතරක් මත මුදා හරින ලෙසත් නිකවැරටිය මහේස්ත්රාත් කේ.ඒ.ආර්.නදීශානී මහත්මිය නියෝග කළාය.
මෙලෙස රිමාන්ඩ් බාරයට පත් කෙරුණේ කොටවෙහෙර, ප්රදේශයේ පදිංචි අයි. ප්රියදර්ශනී නැමති සැකකාරිියයි..
එක් අයෙකුට රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත මෙලෙස මුදා හැරුනේ ,කොටවෙහෙර ප්රදේශයේ පදිංචිකාරියන් වන එම්.ටිකිරාවතී ,එම් කුමාරි, එස්.ආරියවංශ , එන්. ප්රියදර්ශනී,.ආර්.. ජයලත් යන සැකකාරියන් සිවු දෙනාය. .
මෙම සැකකාරියන් පිරිස විහාරස්ථානයට ඇතුලු වී කලහකාරී ලෙස හැසිරෙමින් තමන්ට අඩම්තේට්ටම් කර පහර දුන් බවට හිමිනම විසින් පොලීසියට ලබා දුන් ප්රකාශ අනුව පහර දීම හාඅයුතු ජන රාශියක සාමාජිකාවන් වීම සහ හිමි නමට අඩම්තේට්ටම් කල බවට චෝදනා මත මෙම සැකකාරියන් අත්අඩංගුවට ගත් බවද පොලීසිය පැවසීය.
සිද්ධියෙන් පසුව විසි දෙහැවිරිදි හිමිනම නේවාසික ප්රතිකාර සඳහා පුත්තලම රෝහලට ඇතුලත්ව සිට ඇති බවද ගම්මුන් පිරිසක් හා විහාරස්ථානය අතර කලක සිට ආරවුලක් පවතින බවද පොලීසිය සඳහන් කළේය.ෙ