




යාපනය දිස්ත්රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්රිනීයක මෙන්ම හිටපු රාජ්ය ඇමතිවරියක වූ විජයකලා මහේෂ්වරී මහත්මිය ගමන් ගත් වෑන් රථයක් අනතුරට ලක් වීමෙන් මන්ත්රීවරිය ඇතුළු තිදෙනෙකු රෝහල් ගත කර ඇතැයි මුන්දලම පොලීසිය සඳහන් කරයි.
අනතුරින් බරපතළ තුවාල ලැබූ මන්ත්රිවරිය හලාවත මූලික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්රතිකාර ලබන බව පොලීසිය සඳහන් කරයි.
යාපනයේ සිට කොළඹ බලා ගමන් කරමින් සිටියදී මුන්දලම මංගල එළිය ප්රදේශයේදී මාර්ගයේ ප්රතිවිරුද්ධ දිශාවට ගොස් ගසක ගැටී මෙම අනතුර සිදුව ඇති අතර අනතුර වන අවස්ථාවේදී වෑන් රථය තුල මන්ත්රීවරිය සමග සහ ඇගේ සහයිකාව මෙන්ම තවත් පුද්ගලයෙකු මෙන්ම අදාල රියදුරුද සිට ඇති බවත් පොලීසිය සඳහන් කරයි.
මුන්දලම පොලීසිය විසින් අනතුර සම්බන්ධව වැඩිදුර පරීක්ෂණ සිදුකයි.