හිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනනුකූල නොවන බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇති බව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද(09දා) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.
අදාළ පනත් කෙටුම්පත සම්බන්ධව ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය පාර්ලිමේන්තුවට දැනුම් දෙමෙින් හෙතෙම මේ බව සඳහන් කළේය.
ඒ අනුව පාර්ලිමේන්තුවේ සරල බහුතරයකින් මෙම පනත් කෙටුම්පත සම්මත කළ හැකි බවට ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී ඇති බව කථානායකවරයා වැඩිදුරටත් පැවසීය.