හිටපු ජනාධිපතිතුමාට ජනතාව විසින් උපන් දින තෑග්ගක් ලෙස අගමැතිකම දෙනවා - CB
මේ රටේ අතිබහුතර ජනතාවගේ ඡන්දයෙන් නොවැම්බර් 18 මේ රටේ ජනාධිපතිවරයා වශයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා දිවුරුම් දිමෙන් පසු එදිනම උපන් දිනය සමරන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට උපන් දින තෑග්ග වශයෙන් මේ රටේ ජනතාව අග්‍රාමාත්‍ය ධුරය පිරිනමන බව ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ නුවරඑළිය දිස්ත්‍රික් පා.ම සි.බි රත්නායක මහතා පැවසිය.
සි.බි රත්නායක මහතා එ බැව් කියාසිටියේ ජනාධිපතිවරණය වෙනුවෙන් ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපතිවරණ ප්රචාරක කාර්යාලයක් ඊයේ (26) දින ගිනිගත්හේන අඹගමුව ප්‍රදේශයේ විවෘත කිරිමෙන් අනතුරුවයි.
මෙහිදි වැඩිදුරටත් අදහස් දැක් වු සි.බි රත්නායක මන්ත්‍රිවරයා ,
2005 මහින්ද රාජපක්ෂ මහතාට බලය ලබා දුන්නේ මේ රටේ පැවති යුද්ධය අහවර කරන්න කියලා. එතුමා සේනාධිනායකයා ලෙස කටයුතු කරන කොට ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක ලේකම් විදිහට කටයුතු කළා.ඒ සුසංයෝගය සමග අපිට රටේ නිදහස ලැබුණා.
සමස්ත රටේම ආරක්ෂාව බින්දුවට බස්සලා තියෙනවා. මේවට වගකියන අපෙක්ෂකයා හැටියට ඉල්ලන සජිත් ප්‍රේමදාසට වගකිමක් තියෙනවා. ඇයි කටවහන් හිටියේ? සජිත් කැබිනට් ඇමතිවරයා නේද ? දැන් තොත්ත බබා වගේ ජවය පෙන්නන්න ස්ටේජ් එකෙන් පනිනවා.
නුවරඑළියේ ඇමතිවරයෙක් කතාවක් හදාගෙන තියෙනවා, මගේ තාත්තා කොහේදෝ ඉදන් ඇවිල්ලා , පුතේ උඹ මට බැරි වුණ දේ කරපන් , මට ප්‍රේමදාසලා එක්ක එකතු වෙන් න බැරි වුණා මට බැරි වුණ දේ උඹ කරපන් කියලා තාත්තා අත වනලා කියනවලු.
එක්සත් ජාතික පක්ෂය බලය ගන්න දිවන්ගත ගාමිණි දිසානායක මහතාව එලෙව්වා, ඔවුන් අලුත් පක්ෂයක් හදා ගත්තා. දිනුවොත් කාටද සජිත් අගැමැතිකම දෙන්නේ? ගෝඨාභය රාජපක්ෂ මහතා 17 වෙනිදා රටේ ජනාධිපති වෙනවා.
බැනට් පේපර් එකනම් භයංකාරයි . අගල් 26 යි . ඒ නිසා දැනුවත් වෙලා කටයුතු කරන්න. නොවැම්ර් 18 කාගේද උපන් දිනේ ? මහින්ද රාජපක්ෂ මහතා මේ රටේ ජනතාවගේ නායකයා. 18 වෙනකොට ජනතාව විසින් මහින්ද රාජපක්ෂ මහතාට උපන් දින තෑග්ග විදිහට අග්‍රාමාත්‍ය ධුරය ලබාදෙනවා යනුවෙන් පැවසිය.

popular news
-
චමින්ද Sunday, 27 October 2019 05:20 PM
මොකක්ද මන්ත්‍රීතුමා බැනට් පේපර් එක කියන්නේ ඒකවත් නොදැනද මේ මන්ත්රීකම් කොරන්නේ හරිම දුකයි.හිටපු ජනාධිපතිට උපන්දින තෑග්ගක් දෙනවානම් වටිනා දෙයක් දෙන්න ඕනනේද.දැන් දෙන්න හදන්නේ එතුමා සිටි තැනට පහල තනතුරක්.එය තෑග්ගක් නොවේ අවමානයක්
Reply : 0 6
Champa Sunday, 27 October 2019 08:54 PM
පට්ට බොරුවක්. ගෝඨාභය අද වෙනකම් කියල නැහැ මහින්දට අගමැති කම දෙනවා කියල. එදා මාධ්‍ය ඒ බව ඇහැව්වහම ගොළු වෙලා කට වහන හිටිය. සජිත් දින්නත් ගෝඨාභය දින්නත් අගමැති වෙන්නේ මෛත්‍රී. කොහොමද? පැත්තක ඉඳන් වෙන දේවල් බලා හිටියම ඕනේ කෙනෙකුට තේරෙනවා. මහින්දව ඕනේ වෙන්නේ ජනාධිපතිවරනෙට විතරයි.
Reply : 1 1
rocky Monday, 28 October 2019 07:14 AM
" බොරැල්ලේ තරම දැන ගෙන උඩ පනිනු - තමාගේ තරම දැන ගෙන කල් හරිනු! "
Reply : 0 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

