හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගැනීමේ කාරණයේදී විපක්ෂය එම ප්‍රශ්නයට නිසි ආකාරයෙන් මුහුණු නොදී විපක්ෂයේ දේශපාලන වුවමනාවක් මත ක්‍රියාකිරීමට යාම බරපතල ලෙස අධිකරණයේ ස්වාධීනත්වයට බලපාන බව ජාතික ජන බලවේගයේ නීතිඥ සංගමයේ සාමාජික ජනාධිපති නීතිඥ උපුල් කුමාරප්පෙරුම මහතා පැවසීය.
ජාතික ජන බලවේගයේ නීතිඥයෝ කොළඹ ඊයේ(24දා) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.