හිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම් අවලංගු කිරීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති පනත් කෙටුම්පත අවස්ථාවට පටහැනි බව සඳහන් කරමින් එම පනත් කෙටුම්පත විශේෂ බහුතර මන්ත්‍රී සංඛ්‍යාවකගේ ඡන්දයෙන් සහ ජනමත් විචාරණයකින් සම්මත විය යුතු බවට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ු ශ්‍රේෂ්ඨාධිකරණයට තවත් පෙත්සම් තුනක් අද (20) ගොනු කළේය.
මෙම කරුණම පාදක කරගනිමින් මීට පෙර අවස්ථාවක ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාලක ලේකම් රේණුක පෙරේරා මහතාද පුරවැසියන් දෙදෙනෙකු වන වේයන්ගොඩ පදිංචි හරින්ද්‍රරත්න බානගල සහ පන්නිපිටියේ පදිංචි ප්‍රේමසිරිත් ප්‍රියන්ත විජේසේකර මහත්වරුන්ද ගොනු කළ පෙත්සම්වලට අමතරව මෙලෙස තවත් පෙත්සම් තුනක් ගොනු කරනු ලැබුවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ප්‍රකාශක නීතිඥ මනෝජ් ගමගේ, සබරගමුව විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය මහින්ද පතිරණ සහ නාවික හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී දොන් එස්.එම්. විජේවික්‍රම යන මහත්වරුන්ය.
නීතිඥ අනුරාධ වෙරගොඩ මහතා මඟින් ඉදිරිපත් කර ඇති අදාළ පෙත්සම්වල වගඋත්තරකරු වශයෙන් නීතිපතිවරයා නම්කර ඇත.
හිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම් අවලංගු කිරීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති පනත් කෙටුම්පත අවස්ථාවට පටහැනි බව සඳහන් කරමින් ගොනු කළ පෙත්සම්වල හිටපු ජනාධිපතිවරුන්ට නීතියෙන් හිමිව ඇති හිමිකම් අවලංගු කිරීම සඳහා රජය විසින් පාර්ලිමෙන්තුවට ඉදිරිපත් කර ඇති පනත් කෙටුම්පත පසුගිය 07 වැනිදා පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට ඇතුළත් ඇතැයිද සඳහන්වේ”
යෝජිත පනත් කෙටුම්පතේ සඳහන් ඇතැම් වගන්ති වලින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහතික කර ඇති බලය බෙදීමේ සිද්ධාන්තය උල්ලංඝනය වන බවත් එහි් අන්තර්ගත වගන්ති කීපයකින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහතික කර ඇති ස්වෛරී භාවය සහ ජනතා පරමාධිපත්‍යය උල්ලංඝනය වන බවත් සඳහන් කරන පෙත්සම්කරුවෝ සමස්ථයක් වශයෙන් ගත් කළ යෝජිත පනත් කෙටුම්පතේ වගන්ති වලින් සමස්ථ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් මූලික හරයන් උල්ලංඝනය වන බවද සඳහන් කර ඇත.
යෝජිත පනත් කෙටුම්පත හරහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සහතික කර ඇති මූලික මිනිස් අයිතිවාසිකම් සෘජුවම කඩවන බව සඳහන් කරන පෙත්සම්කරුවෝ පනත් කෙටුම්පතේ ප්‍රශ්නගත වගන්ති සම්මත කිරීමට නම් පාර්ලිමේන්තුවේ විශේෂ බහුතර ඡන්දයකින් අනුමත වී එය ජනමත විචාරණයකින්ද අනුමත විය යුතු බවට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා සිටිති.