හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හෙට (26දා) අධිකරණයට ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් වන අවසන් තීරණය ඔහුට ප්‍රතිකාර කරනු ලබන වෛද්‍ය මණ්ඩලයේ තීරණය අනුව සිදු කරන බව කොළඹ ජාතික රෝහලේ වැඩබලන අධ්යක්ෂ වෛද්‍ය ප්‍රදීප් විජේසිංහ මහතා පැවසීය.
අද(25දා) මාධ්‍ය වෙත අදහස් පළ කරමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
ප්රශ්නය - රනිල් වික්‍රමසිංහ මහතාට හෙට දිනයේ උසාවියේ පෙනී සිටින්න වුණොත් ඒ අවසන් තීරණය ගන්නේ කොතනින්ද?
පිළිතුර - එතුමාට ප්‍රතිකාර කරන වෛද්‍ය මණ්ඩලය මේ වෙලාවෙත් ඔඩිටෝරියම් එකේ සාකච්ඡාවක් පවත්වනවා. ඒ සාකච්ඡාවෙන් පස්සේ තීරණය කරයි වෛද්‍යමය හේතුව මොන විදියද, මොන තත්වෙද තියෙන්නේ කියලා. එතනින් පස්සේ තමයි තීරණය කරන්න වෙන්නේ අපිට ඔබ අහපු ප්‍රශ්නයට උත්තරේ.