හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාට දුරකථන ඔස්සේ මරණ තර්ජන එල්ල කර තිබේ.
පෙරේදා(05දා) සහ ඊයේ (06දා) මෙලෙස දුරකථන ඇමතුම් සහ whatsapp හරහා මෙම තර්ජන එල්ල වී ඇති අතර, ඒ සියල්ල ඉදිරිපත් කරමින් ටිරාන් අලස් මහතා විසින් වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාට පැමිණිල්ලක් යොමු කර ඇත.
මේ අනුව විමර්ශනයක්ද ආරම්භ කර තිබේ.