රක්ෂිත බන්ධනාගාර ගත සිටි හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතා දැඩි කොන්දේසි මත ඇප මත මුදාහැරීමට අද (14) කොළඹ ප්‍රධාන මහාධිකරණ නියෝග කෙරිණි.
ඒ අනුව රු 250,000ක මුදල් ඇප සහ රු ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට මෙහිදී නියෝග කෙරිණි.
රන් ආලේපිත ටී 56 වර්ගයේ ගිනිඅවියේ හිමිකාරීත්වය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට දුමින්ද දිසානායක මහතා පසුගියදා අත්අඩංගුවට ගනු ලැබිණි.