මයිනාගෝගම සහ ගෝඨාගෝගම අරගල භූමි වෙත එල්ල කල ප්‍රහාරය සැලසුම් කල හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ වහා අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන ලෙස නීතිීඥවරුන් පොලිස්පතිවරයාගෙන් ඉල්ලා තිබේ.
කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේදී අද (10) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් නීතීඥ ගුණරත්න වන්නිනායක එම ඉල්ලීම ඉදිරිපත් කලේය.
එහිදි නීතීඥවරයා වැඩිදුරටත් පැවසුවේ ඊයේ දින ප්‍රහාරය සිදුවන්නට ඉඩ දී පොලීසිය බලා සිටින බවත් මේ සඳහා හිටපු අග්‍රාමාත්‍යවරයා, ආරක්ෂක ලේකම්වරයා, පොලිස්පති මෙන්ම බස්නාහිර පළාත බාර ජ්‍යෙශ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු පොලිස් නිලධාරීන් මෙම ප්‍රහාරය සඳහා අනුබල දුන් බවද සඳහන් කලේය.
එම නිසා මෙම පිරිසට එරෙහිව වහාම නීතිය ක්‍රියාත්මක කල යුතු යැයිද නීතීඥවරයා වැඩිදුරටත් පැවසීය.