හැඳුනුම්පතේ අංක අනුව නිවසින් බැහැරව යෑම ඇඳිරි නීතිය තිබෙන ප්‍රදේශවලට පමණයි
ජනතාව අනවශ්‍ය ලෙස ඒකරාශී වීම පාලනය කරනු පිණිස හඳුන්වා දුන් ජාතික හැඳුනුම්පතේ අවසාන අංකය අනුව නිවෙස් වලින් බැහැර යාමට දෙන අවසරය අදාළ වන්නේ ඇඳිරි නීතිය ක්‍රියාත්මක ප්‍රදේශවලට පමණක් බව ජනපති මාධ්‍ය අංශය නිවේදනය කරයි
ඇඳිරි නීතිය ලිහිල් කර ඇති අවස්ථාවල නිවෙස් වලින් බැහැර යෑමට මෙය කිසි සේත් අදාළ නොමැති බවද එම නිවේදනයේ දැක්වෙයි.
කිසියම් ප්‍රදේශයක් හෝ ගම්මානයක් හෝ අවදානම් කලාපයක් ලෙස නම් කර ඇත්නම් එවැනි කලාපවලට ඇතුළු වීමට හෝ ඉන් පිටවීමට හෝ කිසිවෙකුට අවසර නොලැබෙන බවත් එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.
popular news
-
ගමරාල Monday, 04 May 2020 06:38 AM
ඔබේ අදහස් එවන්න කියා එව්වාම පලකිරීමක් නැත්නම් ඒ වෙනුවෙන් ඉඩක් වෙන්කරන්නේ කුමටද කතුතුමණි
Reply : 0 0
ඵලදායක නායකත්වයක් Monday, 04 May 2020 07:23 AM
ඵලදායක නායකත්වයක් තුළ කැපී පෙනෙන වෙනත් මූලික කාරණයන් අතර, විද්‍යාත්මක ඥානය කෙරෙහි දක්වන ගෞරවාන්විත භාවය, තොරතුරු ලබා දීමෙහි පවත්නා විවෘත භාවය, නිරතුරු ව තොරතුරු යාවත්කාලීන කිරීම සහ මූල්‍යාධාර සැපයීමෙහි දී කඩිනම් වීම සටහන් කළ හැකි ය. ඒ අතර ම, විද්‍යාඥවරියක් ලෙස මර්කෙල්ස් මහත්මියගේ පසුබිම ඇය කෙරෙහි විශ්වාසය තැබීමට තිබෙන ප්‍රධාන කාරණයකි. සතියකට දින භාගයක් දුරකථන ඔස්සේ උපදෙස් ලබා ගැනීමේ පහසුව ඇරඹීමට අයර්ලන්තයේ අගමැති ලියෝ වරද්කාර්ව පොළඹවන්නේ, ඔහුගේ වෛද්‍ය වෘත්තික පසුබිම ය. ඔවුන් කලින් දිනා සිටි නම තව තවත් උත්කර්ශයට නැංවෙන්නේ මේ අත්දැකීම් ප්‍රයෝජනයට ගැනීම නිසා ය.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

