වයස අවුරුදු හයක සිය දරුවා හැන්දක් රත්කර පිලිස්සූ බව කියන කාන්තාවක් අත්අඩංගුවට ගත් බව කිරුලපන පොලීසිය සඳහන් කරයි.
අදාල දරුවාගේ හැසිරීම සම්බන්දව අසල්වාසි නිවසක කාන්තාවක් අප්රසාදයෙන් සිට ඇති අතර එම කාන්තාව විසින් අදාල දරුවා අකීකරු යැයි පැවසීම නිසා ඊට උරණ වී හැන්දක් රත්කොට දරුවාගේ සිරුර පුලුස්සා ඇතැයි ද පොලීසිය සඳහන් කරයි.
සිද්ධිය සම්බන්ධයෙන් දරුවාගේ පියා විසින් කිරුලපන පොලීසියට සිදුකල පැමිණිල්ලක් මත අදාල කාන්තාව අත්අඩංගුවට ගෙන තිබෙන අතර පිලිස්සුම් තුවාල ලැබූ අදාල දරුවා මේවන විට කලුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුලත් කර ඇත.
මත්තේගොඩ ශාන්ත ප්රදීප් කුමාර කුලරත්න