හැටන් නගරයේ පිහිටි සුපිරි වෙළදසැලක මත්පැන් අලෙවි සැලේ (23) දින පමණක් රුපයල් ලක්ෂ පනහක මත්පැන් අලෙවියක් සිදු කල බව එම සුපිර වෙලදසැල් නිලධාරියෙකු පැවසිය.
(23) දින එම සුපිරි වෙලදසැලේ දෛනික වෙලදාම රුපියල් ලක්ෂ හැත්තැවක් බවත් , ඉන් මත්පැන් අලෙවි සැලේ පමණක් රුපියල් ලක්ෂ පනහක අලෙවියක් සහ අනෙකුත් ආහාර ද්‍රව්‍යයන් රු ලක්ෂ විස්සකට අලෙවි කර ඇත බවයි එම නිලධාරියා කියා සිටියේ.
දිපාවලි උත්සවය නිමිත්තේන් (24) දින නුවරඑළිය දිස්ත්‍රික්කය තුල මත්පැන් සැල් වසා දමා ඇති නිසා (23) දින මත්පැන් බෝතල් මිලදි ගැනිම සදහා විශාල ඉල්ලුමක් තිබු බවයි එම නිලධාරියා කියා සිටියේ.