හැටන් දික්ඔය නගරයේ අඹුසැමි යුවලක් ඝාතනය කර කාන්තාව පැලද සිටි පවුම් 18ක ස්වර්ණාභරණ රැගෙන පලාගිය සැකකරු හැටන් පොලිසිය මගින් සැකපිට අත්අඩංගුවට ගෙන හැටන් පොලිසිය මගින් (24) හැටන් දිසා විනිසුරු සහ මහේස්ත්රාත් පීටර් පෝල් මහතා වෙත ඉදිරිපත් කිරිමෙන් අනතුරුව සැකකරු 06.03 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට නියෝග කෙරිණ.
මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට නියම කරනු ලැබූයේ හාලිඇල දෙමේදර ප්රදේශයේ පදිංචිව සිටි සෙල්ලයියා මනෝජ් නැමති 47 හැවිරිදි එක් දරු පියෙකි.
සැකකරු ඉකුත් (21) දින මෙම ඝාතනය කර පලා ගොස් බගවන්තලාව පෙට්රසෝ වතුයායේ සැගව සිටියදී බගවන්තලාව හැටන් පොලිසිවල නිළධාරින් විසින් සැකකරු (23) දින අත්අඩංගුවට ගන්නා ලදී.
සැකකරු ඝාතනයට යොදා ගන්නා ලද යකඩ පොල්ලක්, තියුණු ආයුධයක් සහ පැහැරගෙන ගිය ස්වර්ණාභරණ සියල්ලක්ම හැටන් පොලිසිය විසින් සොයා ගෙන ඇත.
