හැකරැල්ලෝ ගමක් ආක්‍රමණය කරති
හබරණ පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ දෙමුනෑව ගම්මානයට සති කිහිපයක සිට හැකරැල්ලන් විශේෂයක් බෝවීම නිසා ජන ජීවිතයට දැඩි බලපෑම් එල්ල වී තිබේ.
මෙම හැකරැල්ලන් විශාල ප්‍රමාණයක් දෙමුනෑව ගම්මානයේ නිවෙස් වල හා නිවෙස් ආශිතව සහ අවට කැලෑවල සිටින බව ගම්මුන් කියති .
දිවා කාලයේ මෙන්ම රාත්‍රී කාලයේ ද ක්‍රියාත්මක මෙම හැකරැල්ලන් විශේෂය දැඩි දුර්ගන්ධයක් පවතින බවත් නිවෙස් ඇතුළත සහ ගස්වල නිවෙස් වල බිත්ති ආශිතව විශාල වශයෙන් සිටින බවත් ඔවුහු පෙන්වා දෙති.
මෙම හැකරැල්ලන් විශේෂ පිළිබඳව පලුගස්වැව ප්‍රාදේශීය ලේකම්වරයාට ප්‍රාදේශිය සෞඛ්‍ය සේවා නිළධාරි වරයාට මහජන සෞඛ්‍ය පරීක්ෂක වරයාට දැනුවත් කළ බවත් එම අය ද පැමිණ පරීක්ෂාකොට බලා මෙම හැකරැල්ලන් මර්දනය කිරීමට නොහැකි බව පවසා පිටව ගිය බවත් ගම්මු කියති.
කාංචන කුමාර ආරියදාස







popular news
-
Kumar Monday, 28 October 2019 11:59 PM
හැකරැල්ලන් බෝවෙන්නෙ කාලගුණය අනුවනෙ. මේ වසරේ ඒ පැත්තට වැස්ස වැඩිය ලැබෙන්න ඇති.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

