හාලිඇල පොලීසියේ කොවිඩ් පොකුර ඉහළට
කෝවිඩ් 19ආසාදිත හාලිඇල පොලිසියේ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනකු ඊයේ (3) හදුනාගනු ලැබීමත් සමඟ මේ වනවිට හාලිඇල පොලිසියේ නිලධාරීන් 16කට කෝවිඩ් වයිරසය ආසාදිත වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි .
හාලිඇල පොලිසියට අනියුක්තව සේවය කරන ඇල්ල ප්‍රදේශයේ පදිංචි පොලිස් කොස්තාපල්වරයකු සහ බදුල්ල ප්‍රදේශයේ පදිංචි පොලිස් කොස්තාපලවරයකුට මෙසේ කෝවිඩ් ආසාදිත වී ඇති අතර ,ඔවුන් බිදුනුවැව කෝවිඩ් ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කළ බවද සෞඛ්‍ය බළධාරීන් පැවසූහ .
මීට දින කීපයකට ඉහතදීකෝවිඩ් ආසාදිත වූ හාලිඇල පොලිසියේ පොලිස් නිලධාරීන් 14කු හදුනාගත් ගෙන ඔවුන් බිදුනුවැව කෝවිඩ් ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කරනු ලැබූහ .
ඔවුන්ගේ ආශ්රීතයන් ලෙස හදුනාගත් පොලිස් නිලධාරීන් දහඅට් දෙනෙකු දැනට ඔවුන්ගේ නිවෙස් වල ස්වයං නිරෝධනයට ලක් කර සිටින බවද සෞඛ්‍ය අංශ වැඩිදුරටත් සදහන් කළේය .
ඇල්ල ප්‍රසාද් රුක්මල්
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
