පැවති ධාරාණිපාත වර්ෂාව නිසා ඊයේ 15 රාත්‍රී හාලිඇල මැදම්පිටිගම අඟුරුමලේ උණගොල්ල වත්ත ප්‍රදේශයේ නිවසක් මතට පස් කන්දක් කඩා වැටීමෙන් එහි සිටි සිව් දෙනකුගේ ජීවිත අනූනමයෙන් බේරී ඇතැයි හාලිඇල පොලිසිය පැවසීය.
මෙසේ පස් කන්දක් කඩා වැටී ඇත්තේ හාලිඇල උණගොල්ලවත්ත කෝහිලන් පියදර්ශනී යන අයට අයත් නිවසක් මතට බවද පොලිසිය පැවසීය.
පස්කන්ද කඩාවැටෙන අවස්ථාවේදී එහි සිටි සිව් දෙනකු වෙනත් කාමරවල සිටි නිසා ඔවුන්ගේ ජීවිත බේරී තිබේ.
නිවැසියන් මේ වනවිට අසල්වැසි නිවසක රඳවා ඇති බවද පොලිසිය පැවසීය.
මොවුන් සිටි නිවසට දැඩි ලෙස හානි වී ඇති අතර නිවසේ කාමර දෙකක් පස් කන්දට යටවී ඇති බවද පොලිසිය පැවසීය.
මේ අතර පවතින අධික වර්ෂාව හමුවේ ගාල්ල දිස්ත්‍රික්කයේ නෙළුව ගම්පහ දිස්ත්‍රික්කයේ අත්තනගල්ල මහනුවර දිස්ත්‍රික්කයේ උඩුනුවර කෑගල්ල දිස්ත්‍රික්කයේ යටියන්තොට, රඹුක්කන කුරුණෑගල දිස්ත්‍රික්කයේ රිදීගම ,අලව්ව මාතලේ දිස්ත්‍රික්කයේ පල්ලේගම අඹගංකෝරළය මොණරාගල දිස්ත්‍රික්කයේ මැදගම යන දිස්ත්‍රික්ක හතේ ප්‍රදේශවලට නායයාම් පූර්ව අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කිරීමට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
මේ අතර පවතින අධික වර්ෂාව හමුවේ බදුල්ල දිස්ත්‍රික්කයේ හදිසි ආපදා ප්‍රතිචාර දැක්වීමේ යාන්ත්‍රණය සම්බන්ධීකරණය ශක්තිමත් කිරීම සඳහා අද 16 දින පෙරවරුවේ ඇල්ලවැල්ලවාය මාර්ගයේ හඳුනාගත් ස්ථානයක විශේෂ පෙරහුරු අභ්‍යාසයක් පවත්වන බව බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්යක්ෂ ඊ එම් එල් උදය කුමාර මහතා පැවසීය.