හාල් 5යි, සීනි 1යි, පරිප්පු 500g සතොසින් සීමා
ලංකා සතොස හරහා හාල්, සීනි, පරිප්පු යන අයිතම මිලදී ගැනීමේදී ඒවා පාරිභෝගියන් වෙත අලෙවි කිරීමේ සීමා සඳහන් කරමින් ලංකා සතොස විසින් චක්ර ලේඛයන් නිකුත් කර තිබේ.
මේ අනුව
සියලු තොග අංක යටතේ ඇති සම්බා සහල් උපරිමය කිලෝ 05යි, සියලු තොග අංක යටතේ ඇති නාඩු සහල් උපරිමය කිලෝ 05යි, රතු පරිප්පු උපරිමය ග්රෑම් 500යි, සියලු තොග අංක යටතේ ඇති සුදු හෝ රතු සීනි උපරිමය කිලෝ 01ක් යනාදී වශයෙන් සතොස මගින් මිලදී ගැනීමට අවස්ථාව තිබේ.
එසේම මෙම අයිතම මිලදී ගන්නේ නම් තවත් අයිතමයක් මිලදී ගත යුතු බවද එහි සඳහන් වෙයි.
මෙම අයිතම මිලදී ගන්නා විට බිල්පතේ අගය රුපියල් 500ට වැඩිනම් කහකුඩු ග්රෑම 100 පැකට්ටුවක් මිලදී ගැනීමට අවස්ථාව ඇති බවත් චක්රලේඛයේ සඳහන් වෙයි.මෙම සීමා උල්ලංගණය කරමින් කටයුතු කරන සතොස සේවකයන්ගේ සේවය අත්හිටුවා විනය පරීක්ෂණ පවත්වන බවත් එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.
popular news
-
LGPJ Saturday, 26 March 2022 10:37 AM
Only circulars without Consumer items at CWE depots.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

