හාල් හිඟයක් ලූනු හිගයක් ඇතිවූ විට ආනයනය කරනවා මෙන් ඖෂධ හිඟයක් ඇති වූ විට එම ඖෂධ හෝ උපකරණ ක්ෂණිකව ආනයනය කිරීමේ හැකියාවක් රජයට නොමැති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා කියයි.
අමාත්‍යවරයා ඊයේ (02) මහනුවරට පැමිණ මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් බැහැදක ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඒ බව අවධාරණය කරමින් අවසා සිටියේ කවුරුන් පිළිගැනීමට කැමති වුවත් අකමැති වුවත් සැබෑ තත්ත්වය එය බවයි.
"සමහර අවස්ථාවලදී ඖෂධ වල මෙන්ම උපකරණවල හිගයක් පැන නගිනවා. ඖෂධයක් හිඟ වූ පමණින්ම අපට එය ආනයනය කිරීමේ හැකියාවක් නැහැ. ඖෂධයකට ටෙන්ඩරය ලබාදීමෙන් පසුවයි එහි නිෂ්පාදන කටයුතු ආරම්භ කෙරෙන්නේ. එම සමස්ත ක්‍රියාවලියට මාස 09 ක් පමණ ගතවෙනවා.
ගිය වසරේ හිග ඖෂධ සඳහා හරි විදියට ඇණවුම් භාරදී තිබුණා නම් මේ වන විට ඖෂධ ඇවිදින්. නමුත් එසේ සිදුවී නැහැ. නමුත් මේ වසරට අවශ්‍ය ඖෂධ සහ ශල්‍ය උපකරණ වල ටෙන්ඩර 80%-85%ත් අතර ප්‍රමාණයක් අවසන් කොට තිබෙනවා. ඒ අනුව නොවැම්බර් මැද මාසය පමණ වන විට එම ඖෂධ ලංකාවට එනවා. එවිට දැනට පවතින ඖෂධ සහ උපකරණ හිගය මගහැරීී යයි.
මේ වන විට රුපියල් කෝටි 3500 ක් රෝහල්වලට ලබා දී තිබෙනවා වෛද්‍ය සැපයුම් ඒකකය මගින් සපයන්නැති ඖෂධ පිටතින් මිලදී ගැනීම සඳහා. මම මුදල් යොදවා පෞද්ගලික අංශයෙන් එම ඖෂධ ලබාගත ගැනීමේ හැකියාව තිබෙනවා. නමුත් සමහර ඖෂධ රජයේ රෝහල්වල පමණක් නොවෙයි පෞද්ගලික අංශයේ වෙළඳපොලෙත් නැහැ.
මේ වනවිට වකුගඩු රෝගීන්ට අවශ්‍ය වෛද්‍ය උපකරණවල හිගයක් පවතිනවා. ඊට හේතු වී ඇත්තේ ඒ සඳහා ටෙන්ඩරය ලබාගත් පුද්ගලයා ඒ සඳහා අවශ්‍ය උපකරණ නොවේ ලබාදී තිබෙන්නේ. එම ගැටළුව නිරාකරණය කර ගැනීම සඳහා රෝහල්වලට අවශ්‍ය මුදල් ලබා දී තිබෙනවා.
මේ වන විට රජය විසින් මත්ද්‍රව්‍ය හෙරොයින් අයිස් වැනි භයානක මත්ද්‍රව්‍ය වැටලීම් සිදු කරමින් පවතිනවා. ඒ සමග අත්අඩංගුවට ගත් පුද්ගලයන්ගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රශ්න කරමින් පවතිනවා. දැන් ඒ ජාලය නිරාවරණය වෙමින් පවතිනවා.
එසේම පාතාලයත් මර්ධනය කරමින් යවනවා. අත්අඩංගුවට ගැනීම් නිරන්තරයෙන් සිදුවෙනවා. මේ දෙපාර්ශ්වයෙන්ම ප්‍රශ්න කරන විට ඔවුන්ගේ දේශපාලන සම්බන්ධතා පිළිබඳව වැදගත් තොරතුරු නිරාවරණය වෙමින්න් පවතිනවා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔවුන්ගෙන් ප්‍රශ්න කොට ලබාගන්නා තොරතුරු පිළිබඳව දන්නා පසුගිය දේශපාලනඥයන් කියමින් යනවා දේශපාලන දඩයමක් ආරම්භ කොට තිබෙන බව. සම්පත් මනම්පේරි කියන පුද්ගලයාගෙන් ප්‍රශ්න කරන විට ඔහු ලඟින් ඇසුරු කළ දේශපාලකයන් විවිධ කතා කියන්න පටන් අරන් තිබෙනවා. ඔවුන් දන්නවා ඊලගට විමර්ශන ඔවුන්ගේ පැත්තට කැරකෙන බව."
අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කර සිටියේ බිඳ වැටී තිබූ රටේ ආර්ථිකය, නීතිය ක්‍රියාත්මක නොවීම මෙන්ම ගොඩනැගෙමින් පැවතුණ අපරාධ රැල්ල දේශපාලකයන්ගේ අසීමිත වරප්‍රසාද භුක්ති විඳීම එවැනි කරුණු කාරණා රජය විසින් මේ වන විට ජනතාවගේ විශ්වාසය රැකෙන ආකාරයට විසඳමින් යන බවයි.