මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින් ගාල්ල, බද්දේගම, හල්පෙතොට ප්රදේශයේ නිවසකට අද (27) උදෑසන වෙඩි ප්රහාරයක් එල්ල කර තිබේ.
වෙඩි ප්රහාරයෙන් කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් කණ්ඩායම් දෙකක් විමර්ශන ආරම්භ කර ඇති අතර, වෙඩි තැබීමට හේතුව සහ සැකකරුවන් සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු වාර්තා නොවෙයි.