අන්තර් ජාලය හරහා වීඩියෝ තාක්ෂණය ඔස්සේ පිළිකා රෝගීන් නිවසේ සිටියදීම පරීක්ෂාවට ලක්කර ප්‍රතිකාර හා වෛද්‍ය උපදෙස් ලබාදීමේ වැඩසටහනක් හලාවත මහා රෝහලේ පිළිකා ඒකකය අද (03දා) ආරම්භ කළේය.
මෙම වැඩසටහන දිවයිනේ රෝහල් තුළ පවතින පිළිකා ඒකකයක් මගින් සිදුකරන ප්‍රථම වැඩසටහන බව රෝහල් අධ්යක්ෂ කපිල මල්ලවආරච්චි මහතා පවසයි.
කොරෝනා තත්ත්වය හමුවේ රෝගින් පරික්ෂාවේදි පවතින සෞඛ්‍ය ගැටළු අවම කර ගැනීම මේ අනුව සිදුවන බව කියයි.
හලාවත මහරෝහලේ පිළිකා ප්‍රතිකාර සායනයට දෛනිකව රෝගීන් හතළිහත් පනහත් අතර සංඛ්‍යාවක් සහභාගිව වන බවත් මෙම වීඩියෝ ප්‍රතිකාර ක්‍රමය මගින් එම සංඛ්‍යාව අවම කර ගැනීමට හැකි වන බව රෝහල් අධ්යක්ෂවරයා පැවසීය.
පුත්තලම දිස්ත්‍රික්කයේ හලාවත මහා රෝහලේ පමණක් පිලිකා ප්‍රතිකාර ලබාදීමේ ඒකකයක් පිහිටා තිබේ.