හල්දුම්මුල්ල නීඩවුඩ් වතුයායේ පෞද්ගලික සමාගමක් මගින් ඉදිකෙරෙන ස්වාභාවික පිහිනුම් තටාකයකින් හල්දුම්මුල්ල නගරයට නායයාමේ අවදානමක් ඇති වන බවට සභා මන්ත්රී කණ්ඩායමක් කළ පැමිණිල්ලකට අනුව එහි ඉදිකිරීම් අද ( 27) සිට තාවකාලිකව නතර කිරීමට නියෝග කළ බව හල්දුම්මුල්ල ප්රාදේශීය සභාව කියයි .
හල්දුම්මුල්ල නගරයට ඉහළින් පිහිටි කන්දක මෙම පිහිනුම් තටාකය පර්චස් 5ක පමණ වපසරියක ඉදිකිරීම් කරමින් පවතී.
කදු මුදුනක ඉදිකෙරෙන මෙම පිහිනුම් තටාකයේ එක්රැස්වන ජලය කාන්දු වීමෙන් පහළින් පිහිටි හල්දුම්මුල්ල නගරයට නායයාමක අවදානමක් ඇති වන බවට හල්දුම්මුල්ල ප්රාදේශීය සභා මන්ත්රීවරුන් ඇතුළු කණ්ඩායමක් පෙන්වා දී තිබේ.
මෙම ඉදිකිරීම් සඳහා හල්දුම්මුල්ල ප්රාදේශී සභාවෙන් කිසිදු අනුමැතියක් ලබාගෙන නොමැති බැවින් ඉදිකිරීම් අත්හිටුවීමට පියවර ගත් බව හල්දුම්මුල්ල ප්රාදේශීය සභාවේ සභාපති උපුල් ප්රියන්ත හෙට්ටිගේ මහතා පැවසීය.
හල්දුම්මුල්ල එස් පී නානායක්කාර