මැතිවරණ කොමිසමේ සාමාජික රත්නජිවන් හුල් මහත්ගේ අරමුණු පොදුජන පෙරමුණින් ඉටුකර ගැනිමට නොහැකි බව හිටපු රාජ්‍ය අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසිය .
ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ‘‘සෞභාග්‍යයේ දැක්ම’’ සංකල්පය යටතේ මාතර , වැලිගම , තෙපුදෙණිය - පැනැටියන මාර්ගය කාපටි අතුරා සංවර්ධනය කිරිමේ ව්‍යාපෘතියේ ආරම්භක අවස්ථාවට අද (8) සහභාගිවෙමින් හෙතෙම මෙසේ පැවසිය .
එහිදි අදහස් පලකල ඒ මහතා ,
‘‘ රත්නජිවන් හුල් කියන ස්වාධින මැතිවරණ කොමිසමේ සමාජිකයා පිළිබදව අද කතාබහක් මතුව තිබෙනවා . එජාපය 19 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් තමයි ස්වාධිනයි කියන මේ මැතිවරණ කොමිසම පත් කළේ . අද මේ කොමිසන් සභාව තුලින් රට ඉදිරියට යන්න බැරි වෙලා තියෙනවා . ඉදිරි දේශපාලන කටයුතු සියල්ලම අගුලූ දාන්න තියලා තමයි එජාපය මෙය නිර්මානය කළේ . ඒ අයට බලයට එන්න බැරිනම් කාටවත් බලයට එන්න බැරි වෙන්න තමයි මෙහෙම කි‍්‍රයා කළේ . ඒ නිසා හුල් මහත්තයා බලාපොරොත්තුවෙන අරමුණු පොදුජන පෙරමුණින් ඉෂ්ඨ කරගන්න ලැබෙන්නෙ නැහැ . රට දෙකඩ කරන එකට අපි එකග වෙන්නෙ නැහැ . මේ නිසා වෙන්න ඇති පොදුජන පෙරමුණට ජන්දය දෙන්න එපා කියලා කියන්නේ . රටේ දෙමළ ජනතාව වෙනුවෙන් දැවැන්ත සේවයක් කිරිමට සුදානම් වෙනකොට ඒ වැඩපිළිවෙල කඩාකප්පල් කරන්නයි මේ හදන්නේ.
බොහෝ දෙනෙක් අහනවා මෙය මැතිවරණයට කොහොම බලපායිද කියලා. මැතිවරණයට මෙය බලපාන්නේ ඔවුන් මැතිවරණය මෙහෙයවන ආකාරය මතයි . මැතිවරණය ස්වාධින මැතිවරණයක් ලෙස පවත්වාගෙන යන්න හැකිනම් මේ රටේ ජනතාව හා අනිත් නිලධාරින් කැපවෙනවනම් අර අයට කරන්න දෙයක් නැහැ . හුල් මහත්තයා නොමැතිව මැතිවරණය කරනවනම් ඝන පුර්ණයේ ප්‍රශ්නයක් ඇතිවෙනවා . එයට නීතියේ පැහැදිලි විසදුමක් ඇති කරලා නැහැ . මම පෙර කිවුවා වගේ 19 ගෙනත් එදා රනිල් වික්‍රමසිංහ මහත්තයා කළේ දිර්ඝකාලින බලාපොරොත්තු ඇතිවයි . ඉදිරියට එන හැම රජයක්ම අකර්මන්‍ය කිරිම තමයි ඔවුන්ගේ අදිටන වුනේ ’’ යැයි අබේවර්ධන මහතා වැඩිදුරටත් පැවසිය .