හෙරොයින් මත්කුඩු ග්රැම් 382ක් ළග තබා ගැනිම හා ජාවාරම් කිරීම සම්බන්ධයෙන් වරදකරුවූ විත්තිකරුවෙකුට දකුණු පළාත්බද ගාල්ල මහාධිකරණ විනිසුරු ඩබ්ලිව්.පි.එස් නිස්සංක මහතා මරණිය දණ්ඩනය නියම කළේය.
මෙසේ මරණිය දණ්ඩනය නියමවුයේ කුරුදුවත්ත, ගොනාමුල්ල ප්‍රාදේශයේ පදිංචි 51 හැවිරිදි වියේ පසුවන අයෙකුටය. මෙකී විත්තිකරු 2001 වර්ෂයේ මැයි මස 05 වැනිදින හෙරොයින් ග්රැම් 382ක් සමග මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය මගින් අත්අඩංගුවට ගනු ලැබීය.
මත්ද්‍රව්‍ය ළග තබා ගැනිම හා ජාවාරම් කිරිම සම්බන්දයෙන් මොහුට විරුද්ධව ගාල්ල මහාධිකරණයේ අධිචෝදනා ගොනුකර තිබුණි. වසර 20ක් තිස්සේ පවැති දිර්ඝනඩු විභාගයකින් පසු අද (12) මෙ සම්බන්ධව තීන්දුව ලබාදෙනු ලැබීය.