අයවැය යෝජනා යටතේ සෑම ප්‍රාදේශීය සභා කොට්ඨාසයක්ම ආවරණය වන පරිදි ‘හරිත උද්‍යානයක්’ හෝ ‘හරිත කලාපයක්’ සමග ඇවිදින මංතීරුවක් ස්ථාපිත කිරීම සඳහා රුපියල් මිලියන 1500ක් වෙන් කර තිබේ.
එමගින් ප්‍රධාන වශයෙන් දිවයින පුරා ව්‍යාපෘති 54 ක් ක්‍රියාත්මක කිරීම සඳහා හඳුනාගෙන ඇත. ඒ අනුව හරිත උද්‍යාන වැඩසටහන නාගරික සංවර්ධන අධිකාරියේ අධීක්ෂණය සහ අදාළ පළාත් පාලන ආයතනවල සම්බන්ධීකරණය සහිතව ක්‍රියාත්මක කිරීමට මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලැබී තිබේ.