කටුනායක ගුවන් තොටුපලේ රාජකාරියේ යෙදී සිටියදී කොරෝනා ආසාදිත වූ හොරණ යුධ හමුදා නිලධාරියාගේ බිරිඳට, දරු දෙදෙනාට සහ ඔහුගේ රියදුරු දෙදෙනාට covid 19 ආසාදිත වී නොමැති බව අද (01) සවස තහවුරු වු බව මදුරාවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය එරන්දි කුලරත්න මහත්මිය පැවසුවාය .
අදාළ යුද හමුදා නිලධාරියා කොවිඩ් ආසාදිතයකු බව දැන ගැනීමෙන් අනතුරුව ඔහුගේ බිරිඳ සහ වයස අවුරුදු 14 සහ 17 වයස් වල සිටින ඔහුගේ දුව සහ පුතා රාගම ආයුර්වේද මධ්‍යස්ථානයක නිරෝධායන කටයුතු සඳහා යොමු කර තිබුණි .
සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහ ශ්‍රී ලංකා යුද හමුදාවේ මැදිහත්වීම් මත covid 19 රෝගය ඔවුන්ට වැළඳී ඇත්දැයි තහවුරු කිරීම සඳහා ඔවුන්ගේ පී.සී. ආර් පරීක්ෂණ ඊයේ සිදු කළ අතර අද සවස එහි ප්‍රතිඵල නිල වශයෙන් ලැබී තිබිණි .
ඔවුන් සියලු දෙනාගේම පී.සී.ආර් පරීක්ෂණය negative වී තිබීම නිසා ඔවුන් කිසිවකුට covid 19 ආසාදිත වී නොමැති බවට සෞඛ්‍ය අමාත්‍යාංශය නිල වශයෙන් තමන්ට දැනුම් දී ඇතැයි මදුරාවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය එරන්දි කුලරත්න මහත්මිය පැවසුවාය.
මේ තත්ත්වය මත බල ප්‍රදේශයට තිබූ විශාල අවදානමක් සම්පූර්ණයෙන්ම මගහැරී ගිය බව ද , අදාල බිරිඳ සහ දරු දෙදෙනා ඇසුරු කළ කිහිපදෙනාගේ පී.සී. ආර් පරීක්ෂණ දින දාහතරකට පසුව සිදු කිරීමට මේ අනුව හැකියාව ලැබෙන බවත් වෛද්‍යවරිය වැඩිදුරටත් පැවසුවාය .
අඟුරුවාතොට මංගල එදිරිසිංහ