දෙමටගොඩ ප්රදේශයේ දී තරුණයකු ඩිෆෙන්ඩර් රථයකින් පැහැර ගෙන ගියේ යැයි කියන සිද්ධියට චෝදනා ලැබ සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්රී හිරුණිකා පේ්රමචන්ද්රට එරෙහිව ගොනු කර ඇති නඩුව මාර්තු මස 10 වනදා කැඳවීමට කොළඹ මහාධිකරණය අද නියෝග කළේය.
ඒ, මහාධිකරණ විනිසුරු ශෂි මහේන්ද්රන් ඉදිරියේ මෙම නඩුව අද කැදවූ අවස්ථාවේදීයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් චෝදනාවලට අනෙකුත් විත්තිකරුවන් හත් දෙනෙකු වරද පිළිගැනීමෙන් පසු ඔවුන්ට අත්හිටවූ සිරදඩුවම් නියම කිරීමට කොළඹ මහාධිකරණය මීට පෙර නියෝග කළේය.
ඒ අනූව විත්තිකරුවන් හත් දෙනෙකුට වසර දෙකක බරපතළ වැඩ සහිත සිර දඩුවම් වසර දොළහකට අත් හිටුවීමටයි මහාධිකරණය එහිදී නියෝග කර තිබුණේ.