දිස්ත්‍රික් සහ පළාත් මට්ටමින් හරක් මස් සහ එළු මස් ප්‍රවාහනයට පනවා තිබූ තහනම ඉවත් කළ බව ජනාධිපති මාධ්‍ය අංශය කියයි.
උතුරු සහ නැගෙනහිර පළාත්වල සතුන් ඉකුත් දෙසැම්බර් 8 සහ 9 දින වල හදිසියේ මිය යාම හේතුවෙන් මහජන සෞඛ්‍ය සුරක්ෂිතතාව තහවුරු කිරීම සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි එළු මස් සහ හරක් මස් ප්‍රවාහනය අත්හිටුවීමට ජනාධිපතිවරයා නියෝග කර තිබිණි.
අනතුරුව කළ රසායනාගාර පරීක්ෂණවලින් තහවුරු වූයේ මෙම සත්ව මරණ වලට හේතුව හදිසියේ ඇති වූ ඇතිවූ සීතල කාලගුණය නිසා ඇතිවූ කම්පනය බවයි.
ඒ අනුව සත්ව මරණ වලට හේතුව වසංගතයක් නොවන බවට සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය අධ්යක්ෂ දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.