හරක් කටාට පැන යාමට උදව් කළයැ සැරයන් අත්අඩංගුවට
රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා සිටින සංවිධානාත්මක අපරාධකරුවකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න හරක් කටා නමැත්තාට පලා යාම සඳහා ආධාර අනුබල දුන් බව කියන පොලිස් සැරයන්වරයකු ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසීය.
අත්අඩංගුවට ගත් සැකකරු මාතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට අනුයුක්ත නිලධාරියෙකි. සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ මිදිගම මිදීගම උතුර කීණගහවත්ත ප්‍රදේශයේ නිවසේදීය.
හරක් කටා නැමැත්තා පොලිස් කොස්තාපල්වරයෙක්ගේ උදව් උපකාර මත පලායාම ට සැලසුම් කිරීම සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගේ නියෝග හා උපදෙස් මත ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය මගින් විමර්ශන සිදුකරන අතර වාරයේදී ඒ සඳහා සූදානම් කර තිබූ යතුරුපැදිය සහ ආරක්ෂක හිස් වැස්මක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරිශ්‍රයේ තිබී සොයා ගැනීමට හැකි විය .
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

