තංගල්ල පැරණි බන්ධනාගාරයේ රඳවා සිටින ප්‍රබල අපරාධකරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කටා නමැත්තාට ජංගම දුරකථනයක් ලබාදීම සම්බන්ධයෙන් පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පොලිස් විශේෂ කාර්ය බළකා ඉලුප්පකච්චායි කඳවුරට අනුයුක්ත කොස්තාපල්වරයෙකි.ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාස භාරයේ පසුවන හරක් කටා නැමැත්තා අධි ආරක්ෂිත බන්ධනාගාරයක රඳවා සිටියදී මීට දින කීපයකට ඉහතදී මෙම ජංගම දුරකථනය සොයා ගැනිණ.
එම ජංගම දුරකථනය ඔහුට ලැබුණේ කෙසේද යන්න සිදු කළ දීර්ඝ විමර්ශනවලදී එම ස්ථානයේ ආරක්ෂාවට යොදවා සිටි කොස්තාපල්වරයා අත්අඩංගුවට ගෙන සිදු කළ පරික්ෂාවේදී ඒ බව අනාවරණය වී ඇත.මිනිමැරුම්, කොල්ලකෑම් හා මත්ද්‍රව්‍ය වැරදි වැනි අපරාධ සිදුකිරීමට ඔහු වෙත දුරකථනයක් ලබා දී ආධාර අනුබලදීම හා කුමන්ත්‍රණය කිරීම සම්බන්ධයෙන් සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු 37 හැවිරිදි පුද්ගලයෙකු වන අතර ඔහු දේවහූව, වටගල පදිංචිකරුවෙකි.මෙම සිදුවීමත් වීමත් සමගම සැකකරු සම්බන්ධයෙන් පවතින අපරාධ නඩු සඳහා සාක්ෂි ලබාදීමට ඉදිරිපත් සිටින පිරිස් මෙන්ම ප්‍රතිවාදී කල්ලිවල සාමාජිකයන් දැඩි බියකින් පසුවන බවද වාර්තා වෙයි.අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ පවත්වයි.