රහස් පොලිසිය භාරයෙන් පලායාමට කුමන්ත්‍රණය කළ බවට චෝදනා ලැබ සිටින ‘හරක් කටා‘ ඇතුළු විත්තිකරුවන් තිදෙනාට එරෙහි නඩුව පවත්වාගෙන යෑමට නොහැකි බවට විත්ති පාර්ශවයෙන් ඉදිරිපත් කළ මුලික විරෝධතා ප්රතික්ෂෙප කළ කොළඹ මහාධිකරණ විනිසුරු සුජීව නිශ්ශංක මහතා නඩුව අගෝස්තු 05 වැනිදා සිට විභාගයට ගැනීමට ඊයේ (03) නියම කළේය.
පොලිස් විශේෂ කාර්්‍ය බළකා නිලධාරීන්ට සහ රහස් පොලිස් නිලධාරීන්ට පහරදී කුමන්ත්‍රණකාරීව පළා යෑමට තැත් කිරීම සම්බන්ධයෙන් සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටා නමැත්තාට සහ හිටපු පොලිස් කොස්තාපල්වරයකු ඇතු`ථ තිදෙනෙකුට එරෙහි නඩුව කැඳවු අවස්ථාවේදී විනිසුරුවරයා එලෙස නියම කළේය.
2023 සැප්තැම්බර් 10 වැනිදා හෝ ඊට ආසන්න දිනයක කොළඹදී ආරක්ෂාවට යොදවා සිටි පොලිස් පොලිස් විශේෂ කාර්යය බලකා නිළධාරියකුට පහර දී පලා යෑමට කුමන්ත්‍රණය කීරීම, ඒ අනුව පළා යෑමට තැත් කිරීම සහ ඊට අධාර අනුබල දීම ඇතුළු චෝදනා 22 යටතේ විත්තිකරුවන්ට එරෙහිව නීතීපතිවරයා නඩු පවරා ඇත.
මෙලෙස චෝදනා ලැබ සිටින්නේ නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටා, හිටපු පොලිස් කොස්තාපත්වරයකු වන රවිඳු සංදීප සහ හරක් කටා රහස් පොලිසියෙන් පිටතට පැනගත් විට ඔහු රැගෙන යෑමට සුදානමින් සිටි වාහනයේ රියදුරු බව කියන හිටපු පොලිස් කොස්තාපත්වරයකු වන දිනේෂ් තරංග නමැත්තන්ය.
හරක් කටා නමැත්තාට බන්ධනාගාරයෙන් පැන යෑමට උදව් කර මේ වන විට අතුරුදන්ව ඇතැයි කියන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු නිලධාරියකු වු රවිදු සංදීප නමැත්තා අත්අඩංගුවට ගැනීමට නියම කරමින් මීට පෙපර අවස්ථාවක වරෙන්තු නිකුත් කර ඇත.
නඩුව කැඳවු අවස්ථාවේදී විත්තිකාර නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක කටා නමැත්තා පොලිස් විශේෂ කාර්්‍ය බළකායේ විශේෂ ආරක්ෂාව යටතේ අධිකරණයට ඉදිරිපත් කරන ලදී.
නඩුව කැඳවු මීට පෙර අවස්ථාවේදී විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු නඩුව පවත්වාගෙන යෑමට නොහැකි බවට මුලික විරෝධතා මතු කළ අතර ඒ පිළිබදව ඉදිරිපත් වු කරුණු සළකා බැලු විනිසුරුවරයා විත්ති පාර්ශවයෙන් ඉදිරිපත් කළ මුලික විරෝධතා ප්රතික්ෂෙප කරමින් නඩුව විභාගයට ගැනීමට තීරණය කරන බව ප්‍රකාශයට පත් කළේය.
නඩුව අගෝස්තු 05 වැනිදා සිට විභාගයට ගැනීමට නියම කළ විනිසුරුවරයා නඩුව එදින යළි කැඳවීමටද නියම කළේය”
පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි ජේ්‍යෂ්ඨ රජයේ නීතීඥ සජිත් බණ්ඩාර මහතා පෙනී සිටි අතර විත්තිකරු වෙනුවෙන් නීතීඥ සංජය ආරියදාස මහතා පෙනී සිටියේය.