නුවරඑලිය අඹේවෙල ප්රදේශයේ පිහිටි හයිලන්ඩ් කර්මාන්ත ශාලාවේ නිෂ්පාදනය කරනු ලබන කිරිපිටි පැකට් මිල වැඩි නොකර රු 380ට පාරිභෝගිකයන් වෙත අලෙවි කරනු ලබයි.
ආනයනය කරනු ලබන කිරිපිටි මිල වැඩි කිරිම සදහා රජය මගින් අවසර ලබා දි තිබුණද තවමත් වෙළදපොලට කිරිපිටි තොග නොලැබිම නිසා පාරිභෝගිකයන් දැඩි අසිරුතාවයට පත් වි ඇත.
නුවරඑලිය නගරයේ පිහිටි රාජ්ය ආයතනයක පහළ මහලේ පවත්වාගෙන යන දේශිය කිරිපිටි අලෙවිසැලෙන් අද (13දා) දින කිරිපිටි මිල දි ගැනිමට විශාල පිරිසක් පැමිණ සිටින අයුරු දක්නට ලැබුණි.
කිරිපිටි මිල දි ගැනිමට පැමිණෙන සැම පාරිභෝගිකයෙකුටම එක් කිරිපිටි පැකට්ටුව බැගින් ලබා දිමට එම කිරිපිටි අලෙවි වෙලදසැලේ කලමණාකාරිත්වය කටයුතු කර ඇත.
එම අලෙවිසැල මගින් දින තුනකට වතාවක් නුවරඑලිය ප්රදේශවාසින් සදහා කිරිපිටි පැකට් නිකුත් කරනු ලබයි.