හයිලන්ඩ් කිරිපිටි මිල වැඩි නොකර ලබන මාසයේදී කිරිපිටි තොග වෙළඳපොළ වෙත නිකුත් කිරීමට කටයුතු කරන බව මිල්කෝ සභාපති සභාපති රේණුක පෙරේරා මහතා පැවසීය.
මීට අමතරව කිරි ගොවීන්ගෙන් නැවුම් කිරි සෘජුවම ලබා ගෙන ඒවා නාගරික ප්‍රදේශවල ජනතාවට සහන මිලකට ලබාදීමේ තවත් සැලැස්මක් ලබන සතියේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිත බවත් ඔහු පැවසීය.
අමුද්‍රව්‍යවල මිල ඉහළ ගියද එය පාරිභෝගිකයා අතට පත් නොවන ආකාරයෙන් කටයුතු කරන බවද සභාපතිවරයා තවදුරටත් සඳහන් කළේය.
කිරිපිටි පැකට් 35000ක් නිපදවීම වෙනුවෙන් දිනකට කිරි ලීටර් 100000ක් පමණ අවශ්‍ය බවද ඔහු පැවැසීය.