රටේ බලශක්ති අරමුණු ජය ගැනීමේදී නව පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් මෙන්ම නවීන තාක්ෂණය හා ක්‍රමවේද උපරිම අයුරින් භාවිත කිරීම තම රජයේ ක්‍රියා පිළිවෙත බව අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි පවසා සිටියේ අද (18) දින කොළඹදී පැවැත්වෙන “හයිඩ්රජන් ප්‍රතිපත්ති සම්පාදනය සඳහා වන පාර්ශවකරුවන්ගේ උපදේශන සමුළුවේ“ (Stakeholder Consultation on Draft Renewable Hydrogen Policy of Sri Lanka) ආරම්භක අවස්ථාව අමතමිනි.
රටේ ප්‍රනර්ජනනීය බලශක්ති විභවතාව ඉතා ඉහළ වන අතර, එම පුනර්ජනනීය බලශක්තිය විදුලිබල පද්ධතියට ලබා ගැනීමේ ධාරිතාව ඉහළ නංවනු පිණිස වන සම්ප්‍රේෂණ, ගබඩාකරණ පහසුකම් හා යටිතල පහසුකම් දියුණු කිරීම පිණිස කැපවීමෙන් කටයුතු කරන බව අමාත්‍යවරයා පැවැසීය.
"විදුලිබල ජනනය සඳහා හයිඩ්රජන් භාවිතය අනාගතය සඳහා ඉතාමත් වැදගත්. ඒකේ මූලික පියවරක් තමයි, ඒ පිළිබඳ ප්‍රතිපත්ති කෙටුම්පත සැකසීම. ඒ ප්‍රතිපත්ති කෙටුම්පත සැකසීමේ ක්‍රියාවලියේදී පාර්ශවකරුවන් සමග කෙරෙන මෙම උපදේශන වැඩමුළුව ඉතාම වැදගත් පියවරක්. ඒ වගේම එහිදී, විවිධ රටවල විශේෂඥ සහාය ලබා ගනිමින් විශේෂයෙන් ලොව දියුණු රටවල දිගු කාලයක් පුරා එම ක්ෂේත්රයේ ක්‍රියාකාරකම්වල නියැලෙන ලාංකික විද්වතුන් හා අනෙකුත් විදේශීය විශේෂඥ සහාය ලබා ගැනීමට හැකි වීම අපේ ජයග්‍රහණයක්. ඒ වගේම මේ සඳහා විවිධ ආකාරයෙන් දායකත්වය ලබාදෙන අදාළ ආයතන හා විශේෂඥයින්ට ස්තූතිවන්ත වෙන්න කැමතියි" යනුවෙන්ද අමාත්‍යවරයා තව දුරටත් ප්‍රකාශ කර සිටියේය.
