හය ශ්‍රේණියේ විෂයමාලා ප්‍රතිසංස්කරණය මේ වසරේ නෑ
අධ්‍යාපන ප්‍රතිසංස්කරණය සම්බන්ධයෙන් ඊයේ පැවැති කැබිනට් රැස්වීමේදී විශේෂ වශයෙන් අවධානයට ලක්වූ බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවැසීය. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් ආණ්ඩුව ලබා ගැනීමට පෙර පටන් ජාතික ජන බලවේගය සැලසුම් සකස් කර තිබුණ බව අමාත්‍යවරයා පැවැසීය.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණය සම්බන්ධයෙන් පසුගිය ජනවරම් ලැබුණ බවත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණය සම්බන්ධයෙන් දූරදර්ශීව කටයුතු කරන බව අමාත්‍යවරයා කීය.මානව සම්පත් සංවර්ධනය, යටිතල පහසුකම් සංවර්ධනය, තක්සේරු හා ඇඟයීමේ කටයුතු, විෂය මාලා සංවර්ධනය හා මහජන දැනුවත්භාවය යන කුළුණු පහ යටතේ මෙම ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකරන බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
ඒ අනුව විෂය මාලා සංවර්ධනය යන කුළුණ මත පදනම්ව පළමු ශ්‍රේණියේ හා හයවැනි ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ආරම්භ කළ බවත් හයවැනි ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩයුලයේ ඇති කරුණු මත සමාජයේ ව්‍යාකූලත්වයක් ඇතිව තිබෙන බව පෙන්වා දුන් අමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් විවිධ පාර්ශ්ව ව්‍යාකූලත්වයක් නිර්මාණය කරමින් තිබෙන බවත් ඔහුපෙන්වා දුන්නේය.
හයවැනි ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩයුලය ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හා අධ්‍යාපන අමාත්‍යාංශයේ මූලික විමර්ශන වාර්තා පදනම් කරගෙන කරනු ලැබූ සාකච්ඡා අනුව පහත සඳහන් තීරණ වලට කැබිනට් මණ්ඩලය එකඟ වී තිබේ.
ඒ අනුව,
පළමු ශ්‍රේණියේ ප්‍රතිසංස්කරණ වෙනසක් කර නෑ,
හය ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩයුල නැවත සමාලෝචනය කිරීමට කාලය ගන්නවා
6 ශ්‍රේණියේ විශය මාලා ප්‍රතිසංස්කරණය 2027දී ආරම්භ කිරීම, 2026 වසරේදී ආරම්භ කිරීමක් නොමැත
යන කරුණු පිළිබඳ කැබිනට් මණ්ඩලය එකඟ වී තිබේ.
පරීක්ෂණවල ප්‍රතිඵල මත වගකිව යුතු නිලධාරීන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගැනීමටත් කැබිනට් මණ්ඩලය එකග වුණා.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
