අලුත් අවුරුදු දා (14) අහුන්ගල්ල මිද්දරමුල්ල අමරමෝලී මාවත ප්රදේශයේදී තරුණයෙකු ඝාතනය සම්බන්ධයෙන් කරන්දෙණිය සන්නධ බුද්ධි බලකා කදවුරෙන් පොලිස් භාරයට ගත් ටී පනස් හය වර්ගයේ ගිනි අවි 36ක් අද (19) පස්වරුවේ බලපිටිය අධිකරණයට ඉදිරිපත් කළ අවස්ස්ථාවේදී එම ගිනි අවි රජයේ රස පරීක්ෂකට ඉදිරිපත් කර වාර්තාවක් ලබා ගන්නා ලෙස බලපිටිය මහේස්තාත් හංසදේව සමරදිවාකර මහතා පොලීසියට අවසර ලබා දුන්නේය.
අහුන්ගල්ල පොලීසිය විසින් මේ ගිනි අවි තොගය අද (19) බලපිටිය අධිකරණයට ඉදිපත් කරන ලදි.
මේ ගිනි අවි තොගය ඉදිරිපත් කරමින් පොලීසිය අහුන්ගල්ල මිද්දරමුල්ල අමරමෝලි මාවත ප්රදේශයේදී තරුණයකු වෙඩි තබා ඝාතනය කිරීම සමබන්ධයෙන් කළ පරීක්ෂණ වලදී අනාවරණය කරගත් කරුණු අධිකරණයට ඉදිරිපත් කරමින් කරන්දෙණිය හමුදා කදවුරෙන් සිය භාරයට ගත් ගිනි අවි පිළිබදව පරීක්ෂා කිරීම සදහා ඒවා රජයේ රස පරීක්ෂකට යොමු කිරීමට අවසර දෙන ලෙස කරන ලද ඉල්ලීම සලකා බැලූ මහේස්තාත්වරයා ඒ සදහා අවසරය පොලීසියට ලබා දුන්නේය.
ඒ අනුව අධිකරණයෙන් අවසරය ලැබූ මේ ගිනි අවි තොගය හෙට(20) රජයේ රස පරීක්ශකට යොමු කරන බව අහුන්ගල්ල පොලීසියේ පකාශකයෙක් කීවේය.
මේ තරුණයාගේ ඝාතනය සම්බන්ධයෙන් කළ විධිමත් පරීක්ෂණයෙර් ප්රතිපලයක් ලෙස පරීක්ෂණය සදහා යොදාගත් පොලිස් නිල සුනඛයා කරන්දෙණිය පනාපිටිය සන්නද්ධ බුද්ධි බලකා යුධ හමුදා කදවුරට ඇතුලුවීමත් සමගම මේ ගිනි අවි පොලිස් භාරයට ගත් බව පොලීසිය කියයි.
අද (19)අධිකරණයට ඉදිරිපත් කෙරුණේ මේ වෙඩි තැබීම සිදුවූ අලුත් අවුරුදු දා රාජකාරියේ යෙදී සිටි නිලධාරීන්ට රාජකාරී කිරීම සඳහා නිකුත් කළ ගිනි අවි 36 බව ද පොලීසිය කියයි.
මේ ඝාතනයෙන් පසු ඝාතකයන් පැමිණි ෆල්සර් වර්ගයේ යතුරු පැදියද සොයා ගනු ලැබූවේ කරන්දෙණිය යුධ හමුදා කදවුරක් ආසන්නයේ මග මග දමා තිබියදී බවද පොලීසිය කියයි.

