හමුදා පුහුණුවෙන් ලබන ආරක්ෂාවට වඩා ජනතා විමුක්ති පෙරමුණේ සහෝදරයන් තුළින් ලැබෙන් ආරක්ෂාව බලවත් බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසයි.
ඊයේ (30දා) ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතාට එල්ල වූ මැර ප්‍රහාරය පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.
ජනතා විමුක්ති පෙරමුණ විසින් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ගෙනයන හෙයින් ඊයේ සිදුවූ මැර ප්‍රහාරය වලක්වා ගැනීමට හැකිවූ බවද ඔහු පැවැසීය.
ජනතා පෙරමුණ ආරක්ෂා කරන්නේ ජනතාව බවද ඔහු පැවැසීය. මෙම ප්‍රහාරය පසුපස දේශපාලනය ඇති බවත් රටේ ජනතාවට සත්‍ය දන්නා බවත් ඔහු පැවැසීය.
ප්‍රහාරය පසුපස සිටි පුද්ගලයන් කවුද යන්න මැර ප්‍රහාරය සිදුකළ පුද්ගලයන් මේ වන විටත් පවසා ඇති බව ඔහු වැඩිදුරටත් පැවැසීය.
