හමුදා පාලනයක් ඇතිකිරිම වෙනුවෙන් වූ මාර්ග අවහිර කිරීමට කටයුතු කරන ලෙස හිටප ජනපතිනී චන්ද්රිකා බණ්ඩාරනාක කුමාරතුංග මහත්මිය පවසයි.
ප්රචණ්ඩත්වය මූලික කරගෙන මෙම හමුදා පාලනය ඇති කිරිමට හැකි බවත් ඇය සිය ට්විටර් ගිණුමෙන් පවසයි.
"යුක්තිය සහ ප්රජාතන්ත්රවාදී පාලනය සඳහා ඉතා සාමකාමීව අපූරු අරගලයක් ගෙන ගිය අපගේ සියලුම පුරවැසියන්ගෙන් මම ඉල්ලා සිටින්නේ හමුදා පාලනයකට මග පෑදීම සඳහා කඩාකප්පල්කාරීන් ප්රචණ්ඩත්වය ඇති කිරීමට යොදා ගත හැකි බව දැන සිටින ලෙසයි. කරුණාකර මෙය නැවැත්වීමට ඔබේ සංවිධානාත්මක කුසලතා භාවිතා කරන්න."