ඊශ්‍රායලය හමාස් අවසන් කරන බවත් යුද්ධය ආරම්භ කළේ හමාස් සංවිධානය වුවත් අවසන් කරන්නේ ඊශ්‍රායෙලය බව එක්සත් රාජධානියේ ඊශ්‍රායල තානාපතිවරිය බීබීසීයට පැවසීය. ට්සිපි හොටෝවෙල් පවසන්නේ හමාස් ප්‍රහාරය හේතුවෙන් අහිංසක මිනිසුන් සේම ඊශ්‍රා යෙල් ජනතාව දැඩි කම්පාවට පත්ව ඇති බවයි.
"හමාස් සංහාරය නිසා අහිංසක මිනිසුන් හැම ඊශ්‍රායල ජාතිකයෙක්ම කම්පනයට පත් වෙනවා. දින ගෙවී යන විට ම්ලේච්ඡ ක්‍රියා හෙළිදරව් වෙනවා," ඇය BBC Radio 5 Live වෙත පැවසුවාය.
"ශරීරවලින් 80% ක්ම වධ හිංසාවලට ලක් කිරීම, තරුණියන් දූෂණය කිරීම, කුඩා ළදරුවන් හිස ගසා දැමීම, වැනි ම්ලේච්ඡ ක්‍රියා, දෙවන ලෝක යුද්ධයෙන් පසු ලෝකය නොදුටු දේවල්"

ගාසා තීරයේ හමාස් සංවිධානය අතුගා දැමීමට ඊශ්‍රායලය සැලසුම් කර ඇති බව ඇය පැවසුවාය: "හමාස් සංවිධානයට ගාසා තීරයේ ඉඩක් නෑ. ඊශ්‍රායලයට තම දේශසීමා තුළ ත්‍රස්ත සංවිධානයකට ඉඩ දිය නොහැකියි."