හම්බන්තොට වරාය සම්බන්ධයෙන් අත්සන් කළ වාණිජ ගිවිසුම අවලංගු කිරීම ප්‍රායෝගික නොවන බව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවැසීය.
විදේශීය මාධ්‍ය ආයතන නියෝජිතයන් හා ඊයේ ජනපති ලේකම් කාර්යාලයේ පැවැති හමුවකදී හම්බන්තොට වරාය සම්බන්ධයෙන් යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව පැවැසීය.
එසේම එක් රජයක් අත්සන් කළ වාණිජ ගිවිසුමක් ඊළඟ රජය විසින් අවලංගු කිරීම ප්‍රායෝගික නොවන බවද ඔහු පැවැසීය
“සියලු වරාය ශ්‍රී ලංකා රාජ්‍ය සතු විය යුතු බව මගේ ආණ්ඩුවේ ස්ථාවරයයි. සියලු වරායවල රටේ පොදු නීතිය ක්‍රියාත්මක විය යුතුයි. වාණිජ පාර්ශ්වය එසේම තිබියදී රටේ ආරක්ෂාව තහවුරු කිරීම මූලික අවශ්‍යතාවක්.” යැයි ජනපතිවරයා සඳහන් කළේය.