හඳුනා නොගත් මත්කරල් 600 ක්, අයිස් මත්ද්‍රව්‍ය සහ හෙරෝයින් සමග පුද්ගලයින් සිව් දෙනකු අත්අඩංගුවට ගත් බව කළුතර අපරාධ කොට්ඨාසය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කළුතර, සහ ගල්පාත ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් බවද පොලිසිය කීය.
බස්නාහිර පළාත් කළුතර බුද්ධි නිළධාරින්ට ලද තොරතුරක් මත සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරුවන් සන්තකයේ තිබු මත්කරල් 600 ක්, අයිස් මිලිග්‍රෑම් 6800 ක්, හෙරොයින් මිලිග්‍රෑම් 60 ක් සොයාගත් බව පොලිසිය සදහන් කරයි .
සැකකරුවන් කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
අධ්යක්ෂ ජේෂ්ඨ පොලිස් අධිකාරී ඒජීකේ කිරිඇල්ල, මහතා ගේ උපදෙස් පරිදි ස්ථානාධිපති පොලිස් පරීක්ෂක තිලංග සංජීව මහතාගේ මෙහෙයවීමෙන් උප පොලිස් පරීක්ෂක අතුල කුමාර ඇතුළු නිළධාරින් වැටලීමට එක්වූහ .
පානදුර සුමිත් පොතුපිටිය
