පරිසර අධි සංවේදී කලාපයක් වශයෙන් හඳුනාගෙන ඇති හන්තාන ඉහළ කොටසේ ඉඩම් සම්බන්ධයෙන් ප්‍රශ්න ගැටලු රැසක් මතුව තිබියදී එය රක්ෂිතයක් බවට පත් කිරීමට බලධාරීන්ගේ අවධානය යොමුව තිබේ.
මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී ඒ පිළිබඳව තොරතුරු අනාවරණය වූ අතර එහිදී දිස්ත්‍රික්කයේ ඉඩම් සම්බන්ධ රාජ්‍ය නිලධාරීන් අවධාරණය කොට සිටියේ මහනුවර දිස්ත්‍රික්කය තුළ රක්ෂිත වනාන්තර 14 ක් ගැසට් කිරීමට මේ වන විටත් පියවර ගෙන තිබෙන බවත් පරිසර විනාශයන් සම්බන්ධයෙන් ප්‍රශ්න රැසකට මුහුණ දී තිබෙන හන්තාන පරිසර සංවේදී කලාපයද රක්ෂිතයක් වශයෙන් ගැසට් කිරීම සඳහා අවශ්‍ය මූලික පියවරයන් ගනිමින් සිටින බවයි.
එහි මූලික අධ්‍යයනයන් හමාර වූ පසු එහි මැනුම් කටයුතු සිදුකිරීම ආරම්භ කරන බවද එම නිලධාරීන් දිස්ත්‍රික් සම්බන්ධ කරන කමිටු රැස්වීම හමුවේ අවධාරණය කළේය.
හන්තාන පරිසර සංවේදී කලාපයේ ඉඩම්අත්පත් කර ගැනීම් සම්බන්ධයෙන් දේශපාකයන්ට, ව්‍යාපාරිකයන්ට මෙන්ම කලාකරුවන්ටද විවිධ චෝදනා එල්ල වෙමින් පවතී.