හේන් ගොවිතැනි ව්‍යාප්ත කිරීම පිළිබදව රජය සමග සාකච්ඡා කර පියවර ගන්නා බවත් හේන් ගොවීන් හඳුනාගෙන ඔවුන්ගේ කටයුතු අධීක්ෂණය කිරීමේ පදනමක්ද සහිත්ව හේන් ගොවිතැන සඳහා වැඩිපුර අවස්ථාව ලබාදීමට පියවර ගන්නා බවත් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කරයි.
ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තයේ ඉදිරි වැඩපිළිවෙල පිළිබඳව කෘෂිකර්ම අමාත්‍යවරයා හා දිස්ත්‍රික් ලේකම්වරු (දිසාපතිවරු) අතර ඊයේ පැවැති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කර තිබේ.
හේන් ගොවිතැන හේතුවෙන් මෙරට වනගහනය අඩුවන බවට ප්‍රකාශ කළත් හේනක් ලෙස යොදාගන්නේ බොහෝවිට මහා වනාන්තරය එළි පෙහෙළි කිරීමේන් නොව කනතු බවට පත්ව වූ සාමාන්‍ය ළඳු කැලය බව දිසාපතිවරු මෙහිදී පැහැදිලි කර තිබේ.
ශ්‍රී ලංකාව පසුගිය වසරේදී රටකජු ආනයනයට රුපියිල් මිලියන 689ක්, කජු ආනයනයට රුපියල් මිලියන 750ක්, තල ආනයනයට රුපියල් මිලියන 27ක්, කුරක්කන් ආනයනයට රුපියල් මිලියන 243ක්, බඩඉරිඟු ආනයනය සඳහා රුපියල් මිලියන 6627ක් වැය කර තිබේ.
මෙවැනි ධාන්‍ය මින්පෙර හේන් ආශ්‍රිතව වගා කර තිබේ. එවැනි කටුසර බෝග වගාව වැඩි කිරීමට අවශ්‍ය නම් ඒ සඳහා හේන් ගොවිතැනට යොමුවිය යුතු බව දිසාපතිවරු මෙහිදි පෙන්වා දී ඇත.