හඩපටය හාල් කන්ටේනර් පහක් ගැනයි, හඳුන් සී.අයි.ඩි. යයි
මේ වන විට ආන්දෝලනයට තුඩු දී ඇති හඩ පටය සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන ලෙස ඉල්ලමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කිරීමට අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා කටයුතු කළේය.
එහිදී ඔහු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කළේ හාල් කන්ටේනර් පහක් සම්බන්ධයෙන් සිදු කළ ප්‍රකාශයක් මෙසේ මාධ්‍ය වෙත නිකුත් කර ඇති බවයි.
"පැය 24ක් වත් තියෙන්නේ නැති කථා හදනවා. ඒහෙම හදපු කථාවකට පැමණිලි කරන්න තමයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ආවේ. මෙතතින් නවතින්නේ නැතිව අපහාස නඩුවක් දක්වා යනවා. මම කන්ටේනර් 323කට සම්බන්ධයි කියලා ඊයේ ඉදන් මඩ ව්‍යාපාරයක් පටන් ගත්තා. ඒ්කට හේතු කරගත්ත කථාව තමයි වරායට ගෙනත් තිබුණ නිදහස් කර ගන්න බැරි කන්ටේනර් පහක් ඳපිළිබව තොරතුරක් ලබා දුන්නා ඒක පුද්ගලයක් මැදිහත් වෙලා. ඔහු කිව්වේ ඒ්ක නිදහස් කර ගන්න බැරි නිසා රජයේ භාරයට ගන්න. නොමිලයේ මේක ජනතාවට බෙදලා දෙන්න කියලා.
අපි කස්ටම් එකෙන් හොයලා බැලුවම මේක බෙදලා දෙන්න බෑ මොකද ඒව ආනයන බලපත්‍ර ඇතිව ගෙනාපුවා නෙමෙයි. මම ඒ් පුද්ගලයට පැහැදිලි කරලා කියනවා මේකට ලයිසන් නෑ මේක රාජසන්තක කරන්න වෙනවා මේක ගන්න ක්‍රමයක් නෑ කියලා. බෙදලා දෙනවානම් මේක රාජසනත්ක කරලා තමයි බෙදලා දෙන්න වෙන්නේ ඒ්ත් නොමිලයේ දෙනවා වුණාට කස්ටම් ගාස්තු මිලියන 8.4ක් ගෙවන්න වෙනවා. ඇත්තටම ඒ් තත්ත්වය තමයි කථා කළේ.
මහජන නියෝජිතයෙක් හැටියට අපිට කවුරු හරි කථා කළාම තොරතුරු අනුව පැහැදිලි කරලා දෙනවා. මම ඒ්ක රේගු අධ්යක්ෂ ජනරාල්වරයාගෙන් තොරතුරු තහවුරු කරගෙන පහදලා දුන්නා. ඒ් පුද්ගලයාගේ අභිලාෂය දන්නේ නෑ. ඔහු ඒ්ක පාවිච්චි කරලා මඩක් ගහන්න හැදුවද දන්නේ නෑ. ඒ්ක ගැන පරීක්ෂණ කරන්න කියලා මම අපරාධ පරීක්ෂණ දෙපාරාර්තමේතුව කිව්වා ඒයා හාල් ගෙනාපු ක්‍රමය වැරදි නම් ඒකත් පරීක්ෂා කරන්න ඔ්න."
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

