කොග්ගල ප්රදේශයේ හෝටලයක කාමරයක නවාතැන්ගෙන සිටි ජර්මන් ජාතිකයෙක් හෝටලය තුළ මියගොස් සිටියදී ඊයේ (11) පස්වරුවේ සොයාගත් බැව් හබරාදුව පොලීසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ හැට තුන් හැවිරිදි ජර්මන් ජාතිකයෙකි.
මෙම ජර්මන් ජාතිකයා ඉකුත් 08 වැනිදා කොග්ගල ප්රදේශයට පැමිණ මෙම හෝටලයේ නවාතැන්ගෙන සිට ඇති අතර මොහු මියගොස් ඇතැයි හෝටලයේ කළමානාකාරීත්වය විසින් හබරාදුව පොලීසියට කල දැනුම් දිමකට අනුව පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.
මියගිය විදේශිකයාගේ මළසිරුර ගාල්ල කරාපිටිය රෝහලේ තැන්පත් කර ඇති අතර මරණ පරීක්ෂණ කටයුතු අද (12) පැවැත්වීමට නියමිතය.