ශ්‍රී ලංකා යුද හමුදාවේ හිටපු හමුදාපතිවරයෙක් වෙන රොහාන් දලුවත්ත මහතා අභාවප්‍රාප්ත වී තිබේ. ඒ මහතා මිය යන විට 77 වැනි වියෙ පසුවූයේය.
1941 වසරේදී අම්බලන්ගොඩදී උපත ලබා ඇති රොහාල් දලුවත්ත මහතා ධර්මපාල විද්‍යාලයෙන් හා ආනන්ද විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා තිබේ. ක්‍රීඩාවටත් දක්ෂතා දැක්වූ ඔහු බැඩ්මින්ටන්, ටෙනිස් හා ක්‍රිකට් ක්‍රීඩාවේ කඩුලු රකින්නෙකු වශයෙන්ද කටයුතු කටයුතු කර තිබේ.
1961 වසරේදී කැඩෙට් නිලධාරියෙක් ලෙස හමුදාවට එක්ව ඇති ඒ මහතා 1996 වසරේදී ශ්‍රී ලංකාවේ 13 වැනි යුද හමුදාපති ලෙස පත්විය. 1998 වසරේදී ඔහු හමුදා දිවියෙන් විශ්‍රාම ගත්තේය.
සිය යුද හමුදා දිවිය තුළ භාරදූර වගකීම් රාශියක් දරා ඇති රොහාන් දළුවත්ත මහතා රිවිරැස මෙහෙයුමටද නායකත්වය ලබාදී ඇත.
වීර වික්‍රම විභූෂණ, රණ වික්‍රම පදක්කම, රණ ශූර පදක්කම, විශිෂ්ඨ සේවා පදක්කම හා උත්තම සේවා පදක්කමින් ඔහු පිදුම් ලබා ඇත.
හමුදා දිවයෙන් පසුව ඔහු බ්‍රසීලයේ ශ්‍රී ලංකා තානාපති ලෙසත් මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති ලෙසත්, කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ උපකුලපති ලෙසත් කටයුතු කර තිබේ.